ජපානයේ තයිසේ සමාගමෙන් කැබිනට් අමාත්‍යවරයෙකු අල්ලසක් ඉල්ලූ බවට වන ප්‍රචාරය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් පත්කර තිබෙන බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ ඉල්ලීමකට අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කමිටුව පත්කර තිබේ.

එම ඉල්ලීම කෙරෙහි අවධානය යොමු කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් සිදු කර වාර්තා කිරීමටයි මෙම ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර තිබේ.

විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ කුසලා සරෝජනී වීරවර්ධන මහත්මියගේ සභාපතිත්වයෙන් යුත් මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් ලෙස විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, විශ්‍රාමලත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරියෙකු වූ එස්.එම්.ජී.කේ. පෙරේරා යන මහත්වරුන් පත් කර තිබෙන අතර පරීක්ෂණ වාර්තාව මෙම මස 31 දිනට පෙර තමා වෙත ලබා දෙන ලෙස ජනාධිපතිවරයා දැනුම් දී ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්