ජූලි 9 වැනිදා කොටුව ජනාධිපති මන්දිරයට නීති විරෝධී ලෙස ඇතුළු වී ජනාධිපති පුටුවේ වාඩි වී ඡායාරූප ගත් පුද්ගලයෙකු දැරණියගලදී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු 28 හැවිරිදි වියේ පසුවන අතර ඔහු සමන්පුරගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවට හඳුනාගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්