ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අද (13) අළුයම ගුවන් හමුදා යානයකින් මාලදිවයිනෙහි මාලේ අගනුවර බලා පිටත්ව ගොස් ඇත.

BBC පුවත් සේවය  විසින් මේ බව වාර්තා කර ඇති අතර, ඔවුන් සඳහන් කර සිටින්නේ, ජනාධිපතිවරයා හා ඔහුගේ බිරිඳ මෙන්ම ආරක්ෂක නිලධාරියෙකුද මෙලෙස මාලේ බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඔවුන් මෙලෙස ගමන් කර ඇත්තේ මෙරට ගුවන් හමුදාවට අයත්  ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානයකින් වන අතර, අළුයම 1.45 ට පමණ මෙරටින් පිටත් වූ ඔවුන් ,  අළුයම 3.00 ට පමණ මාලේ අගනුවර වෙත ලඟා වී ඇත.

ජනාධිපතිවරයා විසින් මීට පෙර සඳහන් කළ පරිදි ඔහුගේ ඉල්ලා අස්වීම අද (13) නිවේදනය කිරීමට නියමිතයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්