සිය ඉල්ලා අස්වීමේ ලිපියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ දිනයේ අත්සන් තැබූ බවත් එය හෙට දිනයේ පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් ප්‍රසිද්ධියේ ජාතියට ප්‍රකාශ කරනු ඇති බවත් ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපියට අත්සන් තබා රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකුට භාරදුන් අතර ඔහු එය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත භාරදීමට නියමිතයි.

ඒ අනුව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපති ධුර කාලය අවසන් කරමින් හෙට ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කරනු ඇති බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්