
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෞද්ගලික ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඔහු සහ ඔහුගේ බිරිඳ අයෝමා රාජපක්ෂ , ආරක්ෂක නිලධාරීන් දෙදෙනකු ඊයේ රාත්‍රියේ මාලේ සිට සිංගප්පූරුව බලා යාමට සිංගප්පූරු ගුවන් සේවයට අයත් ගුවන් යානයකට ගොඩවීමට නියමිතව තිබුනද ආරක්ෂක හේතූන් මත ඔවුන් එහි ගමන් කොට නොතිබේ.
ඒ අනුව අද පස්වරුවේ සිංගප්පූරුවට ළඟාවීමෙන් පසු ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීම ප්‍රකාශ කිරීමට නියමිතව තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.