අද (19) උදෑසන 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි. ඒ අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම සඳහා.

ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතට අනුව පාර්ලිමේන්තු මහලේකම්වරයා විසින් එම නාමයෝජනා කැඳවීම සිදු කිරීමට නියමිතයි. දැනටමත් අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් නාමයෝජනා භාරදෙන බව ‍ ප්‍රකාශ කර තිබේ.

නාමයෝජනා භාරගැනීමෙන් පසු හෙට රහස් ඡන්දයක් පැවැත්වීම මඟින් එක් අයකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගනු ලැබේ. මෙහිදී දෙන ලද වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් දෙකින් එකකට වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා අපේක්ෂකයා ජනාධිපති ධුරය සඳහා තෝරාපත්කර ගනු ලැබූ බව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇත.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්