ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට ශ්‍රී ලංකාවේ නොමැති බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

 

ඔහු ලබන බදාදා වන විට නැවත දිවයිනට පැමිණීමට නියමිතව ඇති බවත් ජනාධිපතිවරයා මේ වන විට ශ්‍රී ලංකාවට ආසන්න ස්ථානයක රැඳී සිටින බවත්‍ ඔහු කියා සිටී.

ඔහු මේ බව පැවසුවේ BBC පුවත් සේවාව සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමිනි.

මෙම වෙබ් අඩවිය අද වාර්තා කර සිටියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නාවික හමුදා නෞකාවක සිටින බවට උසස් ආරක්ෂක අංශ නිලධාරියෙකු ඔවුන් වෙත තහවුරු කර සිටිය බවයි.

මෙහිදී මාධ්‍යවේදීයා විසින් ජනාධිපතිවරයා ඉන්දියාවට ගොස් ඇත්ද යන්න කථානායකවරයාගෙන් විමසා සිටි අතර ඊට පිළිතුරු දෙමින් කථානායකවරයා පවසා ඇත්තේ ආරක්ෂක හේතුන් මත තමන්ට ඒ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු පැහැදිළි කර සඳහන් කළ නොහැකි බවයි.

Source- BBC

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්