ජනාධිපති මන්දිරයෙන් සොරකම් කරන ලද භාණ්ඩ කිහිපයක් අලෙවි කිරීමට සූදානම් වූ පුද්ගලයින් තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ වැලිකඩ ප්‍රදේශයේදී.

පසුගිය 9 වැනිදා විරෝධතාකරුවන් ජනාධිපති මන්දිරයට ඇතුළු වී, එහි ජනෙල් තිර රෙදි එල්ලීම සඳහා බිත්තිවල සවිකර තිබූ රත්‍රං පැහැති පිත්තල බෝල 40ක් සොරාගෙන, පසුව පැරණි භාණ්ඩ ලෙස අලෙවි කිරීමට සූදානම්ව සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, රාජගිරිය, ඔබේසේකරපුර පදිංචි 28, 34 හා 37 යන වයස්වල පසුවන පුද්ගලයින් තිදෙනෙකු වන අතර අදාළ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා ජනාධිපති මන්දිරයේ විමර්ශන කටයුතු මෙහෙයවනු ලබන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වෙත භාරදීමට නියමිතව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

www.newsmania.lk

 

මෙන්න බලන්න තවත් පුවත්