අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය තුළ තිබී සොයාගෙන පොලීසියට භාරදී තිබූ මුදල් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අද (28) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා පොලිසියට නියෝග කර තිබේ.

රුපියල් එක්කෝටි හැත්තඅට ලක්ෂ පනස්දහසක මුදලක් අරහලකරුවන් විසින් කොටුව පොලීසිය වෙත භාරදී ඇති බව කොටුව පොලීසිය අධිකරණයට දන්වා තිබුනි. මහේස්ත්‍රාත්වරයා එහිදී පෙන්වා දුන්නේ මේ වනවිට සති 3 ක කාලයක් ගත වී තිබුණ ද මුදල් සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි .

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්