ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ තවමත් රට තුළ සිටින බවත් (bbc) සම්මුඛ සාකච්ඡාවේදී තමාට වැරදීමක් සිදුවී ඇති බවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉන්දීය ANI පුවත් සේවය වෙත දුරකථන ඇමතුමක් ලබා දෙමින් සදහන් කොට තිබේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිවයිනෙන් පිටව ගොස් ඇති බවත්, ඔහු සිටින්නේ ආසන්න රටක බවත්, බදාදා වන විට ඔහු යළි දිවයිනට පැමිණෙන බවත් කථානායක මහින්ද යාපා අබේවර්ධන bbc පුවත් සේවය වෙත මීට පෙර ප්‍රකාශ කර තිබුණි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්