Gotabhaya leave country
 

ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සිංගප්පූරුව බලා යාමට නොහැකි වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

සිංගප්පූරු ගුවන් සමාගමකට අයත් ගුවන් යානයකින් ජනාධිපතිවරයා සිංගප්පුරුව බලා පිටත්ව යාමට නියමිතව තිබුණ ද ආරක්ෂක තත්ත්වය හේතුවෙන් එය මගහැර ඇති බවත් මාලදිවයිනේ සිට පෞද්ගලික ගුවන් යානයකින් ඔහු සිංගප්පූරුව බලා පිටත්ව යාමට සැලසුම් කරමින් සිටින බවත් එහි වැඩිදුරටත් සදහන් වේ.

මේ අතර ජනාධිපතිවරයා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපිය මෙතෙක් කථානායකවරයා වෙත යොමුකර නොමැති අතර සිංගප්පූරුවට ගිය පසුව අදාළ ලිපිය තමන්ට ලබා දෙන බවට ජනාධිපතිවරයා දුරකථනය ඔස්සේ ප්‍රකාශ කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ දිනයේදී කියා සිටී.

මෙන්න බලන්න තවත් පුවත්