ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධයෙන් පිළියන්දල සහ නාරහෙන්පිට ප්‍රදේශවලදී තවත් පුද්ගලයින් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දොපර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 18 හා 22 යන වයස්වල පසු වන බව පොලීසිය පවසයි.

කොල්ලුපිටියේ පිහිටි ජනාධිපතිතුමාගේ පුද්ගලික නිවසට අයුතු ලෙස ඇතුළු වී ගිනි තබා දේපොළ විනාශ කිරීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ බවත් ඔවුන් පිළියන්දල මඩපාත සහ කොළඹ 5 ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්