gotabaya rajapaksha
 

ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ වීසා බලපත්‍ර ඉල්ලීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කළ බවට ඔස්ට්‍රේලියානු මාධ්‍යයක් වන SBS  පුවත් සේවය සඳහන් කොට ඇත.

ඔවුන් සඳහන් කොට ඇත්තේ ඉහළ පෙළේ ගුවන් සේවා  සේවා ආරංචි මාර්ගයක් විසින් SBS  සිංහල සේවය වෙත  මේ බව තහවුරු කොට ඇති බවයි.

ශ්‍රී ලංකාවේ සහ එක්සත් ජනපදයේ ද්විත්ව පුරවැසියෙකු වූ ගෝඨාභය රාජපක්ෂ, 2019 මැතිවරණයට පෙර ඔහුගේ ඇමරිකානු පුරවැසිභාවය  විදේශ ජාතිකයින්ට ජනාධිපති ධුරයට තරඟ කිරීම තහනම් කරමින් ගෙනා  නීතිය හේතුවෙන් අතහැරි අතර, මේ වන විට ඇමරිකානු පුරවැසිබාවය අහිමි වූ ඔහු ඇමරිකාව බලා පියාසර කිරීමට වීසා නොමැති වීමෙන් ගැටළුවකට මැදිව සිටියි.

එමෙන්ම ජනාධිපති ප්‍රමුඛ රාක්ෂපක්ෂ පවුලේ 6 දෙනෙකු බැසිල් රාජපක්ෂ නමින් ගුවන් ටිකට් පත් වෙන කර ඇති මුත්, කටුනායක හා මත්තල ගුවන් තොටුපළ කාර්ය මණ්ඩල විසින් ඔවුන්ගේ පිටවීමට අදාළ රාජකාරි ඉටු කිරීම ප්‍රතික්ශේප කිරීම හේතුවෙන්, මේ වන විට හිඟුරක්ගොඩ ගුවන් තොටුපළකරා පැමිණ ඒ හරහා පිටවීමට සූදානම් බව වාර්තා වේ. 

 

 Sour : SBS 

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්