චීනයේ ප්‍රදේශ රැසක උෂ්ණත්වය ඉදිරි දින 10 තුළ ඉහළ යා හැකි බවට අනතුරු අඟවා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පළාත් කිහිපයක උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 සීමාවට ළඟා වනු ඇති බවත් එම තත්ත්වය හමුවේ ලැව්ගිනි ඇතිවීමේ අවදානමක් පවතින බව ද චීන බලධාරීන් අනතුරු අඟවා තිබේ.

මේ වනවිටත් ෂීජියෑන්ග් පළාතේ ප්‍රදේශ කිහිපයකට අධික උෂ්ණත්වය පිළිබඳ රතු අවදානම් නිකුත් කර අවසන් අතර මිනිස් මැදිහත්වීමෙන් සිදුවන දේශගුණික විපර්යාස හේතුවෙන් බොහෝ රටවල උෂ්ණත්වය ඉහළයාම සුලභ තත්ත්වයක් බවට පත්ව තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.
newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්