ගෝල්ෆේස් අරගල භූමියේ ඊයේ (12) රාත්‍රියේ ඇතිවූ ගැටුමකින් තුවාල ලබා සිව්දෙනෙකු රෝහල්ගත කර ඇති බව වාර්තා වේ.

 

මෙම තරුණයින්ගේ සිරුරුවල කැපුම් තුවාල පවතින බවත් ඔවුන් වැල්ලම්පිටිය සහ කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 15, 17, 18 සහ 20 හැවිරිදි පුද්ගලයින් බවත් රෝහල් ප්‍රකාශකයකු සඳහන් කර තිබේ.

මේ වනවිට ඔවුන් සියලු දෙනා කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්