ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පැමිණීමට එරෙහිව විරෝධතාවයක නිරත වූ මාලදිවයිනෙහි වෙසෙන ශ්‍රී ලාංකිකයින් මාලදිවයින් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳව වාර්තා කරන විදෙස් මාධ්‍ය සඳහන් කර සිටින්නේ,  අද (13) අළුයම මාලදිවයිනට ළඟා වූ ගෝඨාභය රාජපක්ෂ මේ වන විට  එරට දූපතක නිවාඩු නිකේතනයක ලැගුම්ගෙන සිටින බවයි.

ඔහු මාලදිවයිනට පැමිණීම පිළිබඳ වාර්තා වීමත් සමඟ මාලදිවයිනේ පදිංචි ශ්‍රී ලාංකිකයන් ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලෙස බලකරමින් මාලේ අගනුවරදී විරෝධතාවක් දියත් කර තිබුණි.

කෙසේ වෙතත් මේ වන විට මාලදිවයිනෙහි මාධ්‍ය වාර්තා කර සිටින්නේ, එරට පොලිසිය විසින් මෙම විරෝධතාවයන්හි නිරත පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම ආරම්භ කර ඇති බවයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්