ලන්ඩනයේ සිට මෙරට බලා පියාසර කරමින් තිබූ ශ්‍රි ලංකන් ගුවන් යානයක ගුවනේ දී සිදුවන්නට ගිය අති දැවැන්ත අනතුරකට මුහුණ දීමේ ආසන්නයට ගොස් නිරුපද්‍රිතව බේරාගෙන ඇත.

යානය ඊයේ (14) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපළ වෙත ගොඩ බස්වා ඇති බව වාර්තා වෙයි.

තුර්කි ගුවන් සීමාව තුළදී සිදුවන්නට ගිය මෙම අනතුරේදී බ්‍රිටිෂ් එයාර්වේස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් සමඟ ගැටීමේ අවදානමක් මතුව ඇති අතර ශ්‍රි ලංකන් නියමුවන්ගේ විමසිලිමත් භාවය නිසා වෙන් එය වලක්වා ගෙන තිබෙන බව පැවසේ.

ශ්‍රි ලංකන් ගුවන් නියමුවන් ගුවන් ගමන පිළිබඳව දැඩි විමසිලිමත් බවකින් පසුව සිට ඇති අතර ඒ වනවිටත් මෙම යානයට කලින් ලන්ඩනයෙන් පිටත් වූ බ්‍රිටිෂ් එයාර්වේස් යානයක් මෙම යානයට සැතපුම් 15ක් ඉදිරියෙන් ගමන් කරන බව හදුනාගෙන ඇත. නියමුවන් ඒ බව ගුවන් පාලක මැදිරියට දන්වා ඇත.

දුන් උපදෙස් මත ගුවන් යානය ඉහළ නැංවූයේ නම් ගුවන් යානා දෙක අහසේදී ගැටී මෑත කාලයේ ගුවනේදී යානා දෙකක් ගැටීමෙන් සිදුවන ලොව බිහිසුණුම ගුවන් අනතුරක් ලෙස මෙම අනතුර ඉතිහාස ගත වීමේ අවදානමක් අනූ නමයෙන් බේරාගෙන ඇත්තේ නියමුවන්ගේ විමසිලිමත් බව නිසාවෙනි.

මෙන්න බලන්න තවත් පුවත්