ඊයේ (13) පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරියෙකුට සහ හමුදා නිලධාරියෙකුට පහරදී ටී 56 ගිනිඅවියක් සහ උණ්ඩ 60ක් පැහැරගෙන ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

විරෝධතාකරුවන්ගේ පහරදීම නිසා බරපතල තුවාල ලැබූ මෙම පොලිස් කොස්තාපල්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනුයුක්තව සේවය කරනු ලබන අතර මොහු මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්