නීතිවිරෝධී ලෙස ගාලුමුවදොර පිටිය සහ ඒ අවට ප්‍රදේශයන්හි රැඳී සිටින විරෝධතාකරුවන්ට සිකුරාදා (5) පස්වරු 5ට පෙර විරෝධතා පැවැත්වෙන ස්ථානවලින් ඉවත් වන ලෙස කොටුව පොලිසිය දැනුම් දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය සදහන් කරයි.

පොලීසිය පැවසුවේ, විරෝධතාකරුවන් රජයට හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් ගාලු මුවදොර ඉඩමේ අනවසර ඉදිකිරීම් ස්ථාපිත කර බෝග වගා කර ඇති බවත් ය.

අගෝස්තු 5 වැනිදා සවස 5ට පෙර එම ප්‍රදේශයෙන් ඉවත්වීමට පියවර ගන්නා ලෙසද විරෝධතාකරුවන්ට දන්වා ඇති අතර ඉහත උපදෙස් පිළිපදින්නේ නැති අයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්