අද (18) උදෑසන ගාල්ල – මාගොල්ල අනුලාදේවි බාලිකා විද්‍යාලය අසළ දුම්රිය හරස් මාර්ගයේදි මෝටර් හා දුම්රියක් ගැටීමෙන් අනතුරෙන් තුවාල ලැබූ මෝටර් රථයේ ගමන් ගත් ගැබිණි කාන්තාවක් හා 8 හැවිරිදි දියණිය ජිවිතක්ෂයට පත් වී තිබෙන බව වාර්තා වේ.

 

අසාධ්‍ය තත්වයේ සිටි ගැබිනි කාන්තාවගේ කුසේ වූ දරුවාද බේරා ගැනීමට වෛද්යවරුන් උත්සාහ දැරුව ද එය ව්‍ය‍ර්ථ වී ඇති බව වාර්තාකරු සඳහන් කරයි.

තවත් කුඩා දරුවන් සිව් දෙනෙකු රෝහල්ගත කර ඇත.

ඔවුන් මේ වන විට කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

මංගල උත්සවය උත්සවයකට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්