ගල්කිස්ස පුදේශයේ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන සිල්වා මාවත ප්‍රදේශයේ මෙම වෙඩි තැබීම සිදුවී තිබේ.

එම නිවසකට ඇතුළු වූ පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිවසේ සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩිතබා පළා ගොස් ඇති අතර වෙඩි තැබීමෙන් බරපතළ තුවා ලැබූ අදාළ පුද්ගලයා කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මියගොස් අත්තේ 30 හැවිරිදි සිල්වා මාවත, රත්මලාන ප්‍රදේශයේම පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි. එම ඝාතනය සඳහා ටී – 56 වර්ගයේ ගිනිඅවියක් යොදාගෙන ඇති බවට අනාවරණය වී ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති බව පොලීසිය පවසයි.

ඝාතනය සඳහා පැමිණි සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්