අද (27) දහවල් කාලයේ දී ගම්පහ අධිකරණය අසල සිදු වූ වෙඩි තැබීමකින් අපරාධ රැසකට චෝදනා එල්ල වී ඇති ‘පස් ‌පොඩ්ඩා’ ඇතුළු සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූ සැකකරුවන් ගම්පහ රෝහලට ඇතුළත් කර ඇති බවත් අධිකරණ කටයුත්තක් සඳහා ඔහු ඇතුළු 6 දෙනෙකු කැබ් රථයකින් ගම්පහ අධිකරණයට පැමිණ තිබෙන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කරයි.

මෝටර් රථයකින් පැමිණ වෙඩි තැබීම සිදුකළ සැකකරුවන් සොයා විමර්ශන ක්‍රියාත්මකයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්