ගාලු මුවදොර විරෝධතාවය පිළිබද පළකළ බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

බ්‍රිතාන්‍ය ජාතික කයිලී ෆ්‍රේසර්ගේ නිවසට ගොස් වීසා කොන්දේසි උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය අත්අඩංගුවට ගෙන ඇත.

Kayleigh Fraser විසින් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන නිලධාරීන් පරීක්ෂා කරන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත පළ කර තිබුණා.

ඇය සිය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කළේ ඇයට වහාම රටින් පිටවන ලෙස බලකරමින් ශ්‍රී ලංකා ආගමන විගමන බලධාරීන්ගෙන් ඇමතුමක් ලැබුණු බවයි.

පරීක්ෂණයක් පවත්වා විදේශ ගමන් බලපත්‍රය ආපසු ලබා දෙන බව නිලධාරීන් ෆ්‍රේසර්ට දැනුම් දුන් බවත් විදේශ ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා දින 7ක් ඇතුළත ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙසත් ඇයට දන්වා තිබුණි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්