
කොළඹ ප්‍රදේශ කිහිපයක අද රාත්‍රී 10:00 සිට පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර තිබෙනවා.
ඒ අනුව, ඇතුල්කෝට්ටේ, පිටකෝට්ටේ, බැද්දගාන, මිරිහාන, මාදිවෙල, තලපත්පිටිය, උඩහමුල්ල, ඇඹුල්දෙණිය, නුගේගොඩ, පාගොඩ, විජේරාම මංසන්ධියේ සිට 7 වැනි සැතපුම් කණුව දක්වා සහ එම කොටසේ හයිලෙවල් මාර්ගයේ සියලුම අතුරු මාර්ග, නුගේගොඩ මංසන්ධියේ සිට නාවල විවෘත විශ්වවිද්‍යාලය දක්වා කොටස සහ අතුරු මාර්ගවල ජල සැපයුම ඉරිදා (26) උදෑසන 08:00 දක්වා අත්හිටුවීමට නියමිතයි.
ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පැවසුවේ අත්‍යවශ්‍ය අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් එසේ ජල සැපයුම අත්හිටුවන බවයි.