Omicron BA.5 උප ප්‍රභේදය දැනට පවතින වඩාත්ම බෝවන සහ ප්‍රතිශක්තිය මගහරින කොරෝනා වෛරස් ප්‍රභේදයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල ජීව විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂවරයා සදහන් කරයි.

ඒ අනුව දැනට පවතින BA.5 කොවිඩ් රැල්ල තුළ ශ්‍රී ලංකාවේ ද රෝහල්ගතවීම් තවදුරටත් ඉහළ යා හැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටී.

වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ පූර්වාරක්ෂාවන් ලෙස පහත සදහන් මූලික පියවර තුන දැඩිව පිළිපදින ලෙසයි.

1.ඔබේ බූස්ටර් එන්නත ලබා ගන්න
2.අවම වශයෙන් ගෘහස්ථව මුහුණු ආවරණ පළදින්න
3.ඔබට රෝග ලක්ෂණ ඇත්නම් වහාම පරීක්ෂා කරන්න

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්