දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා ඒකකයේ දත්ත මගින් පෙන්නුම් කර සිටිනවා.

ඒ අනුව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 997ක් වනවා. මිට පෙර මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 976 දෙනෙකු ඉකුත් පෙබරවාරි මස 09 වෙනිදා වාර්තා වූවා.

අද දිනය වන විට මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 102,271ක් වන අතර ඉන් 94,577 දෙනෙක් සුවය ලබා පිටව ගොස් තිබෙනවා. දැනට රෝහල් ගතව සිටින සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 7,050ක් වනවා.

මේ අතර අද දිනයේදී තවත් කොවිඩ් ආසාදිත මරණ 03ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 647ක් දක්වා ඉහළ ගොස් ඇත.

මෙන්න බලන්න තවත් පුවත්