කෙරෝනා වසංගත තත්ත්වය පාලනය සඳහා 4 වන මාත්‍රාව ලබාදීම කඩිනම් කිරීමට තීරණය කර තිබෙන බව වාර්තා වේ.

ඊයේ (25) පස්වරුවේ වත්මන් සෞඛ්‍යය තත්ත්වය පිළිබඳ අවධානය යොමු කරමින් සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම් ජනක චන්ද්‍රගුප්තා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාවකදී මේ බව සදහන් කොට තිබේ.

ඒ අනුව එන්නත්කරණ කටයුතු මේ සතිය තුළ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරමින් ඇති බවත් කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පී.සී.ආර් පරීක්ෂණ, අවශ්‍යතාව මත සිදු කිරීමට පියවර ගන්නා බවත් ඔහු ප්‍රකාශ කරයි.

පොකුරු වශයෙන් රෝගීන් වාර්තා වන්නේ නම් එම ප්‍රදේශ හඳුනා ගෙන පරීක්ෂණ සිදු කිරීමට පියවර ගන්නා බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සදහන් කරසිටී.

මේ අතර ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75 කි.

කොවිඩ් ආසාදිත තවත් මරණ දෙකක් ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ වාර්තා කොට තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්