කොරෝනා ප්‍රතිදේහ සහිතව උපත ලැබූ ලොව පළමු දරුවා අමෙරිකාවේ ෆ්ලොරිඩා ප්‍රාන්තයේදී උපත ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙම ගර්භණී කාන්තාව සෞඛ්‍ය සේවිකාවක් වන අතර ඇය ගර්භණී අවධියේදී Moderna එන්නතෙහි එක් මාත්‍රාවක් ලබා ගෙන ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය සේවිකාව ඉකුත් ජනවාරි මාසයේ එන්නත ලබා ගන්නා විට සති 36ක ගැබිනියක් වන අතර ඉන් සති තුනකට පසුව ඇය ශක්තිමත් නිරෝගී බිළිඳියකට උපත ලබා දී තිබේ.

පසුව පර්යේෂකයින් ඇයගේ පෙකණි වැලෙන් ලබා ගත් රුධිරය විශ්ලේෂණය කර ඇති අතර ඉන් තහවුරු වී ඇත්තේ එම බිළිඳිය උපත ලබන අවස්ථාවේදී ඇයගේ රුධිරයේ කොවිඩ්-19 ප්‍රතිදේහ ඇති බවට ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකු වන පෝල් ගිල්බට් සහ චැඩ් රුඩ්නික් යන වෛද්‍යවරුන් දෙපළ ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මෙම මාතෘ එන්නත හේතුවෙන් එම බිළිඳියට කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වීමටත් එය ආසාදනය වීමේ අවදානම අවම බවටත් හැකියාවක් ඇති බවට පර්යේෂකයින් පෙන්වා දෙයි.

මෙන්න බලන්න තවත් පුවත්