කොටහේන ප්‍රදේශයේ පුද්ගලයෙකු ඊයේ රාත්‍රි කාලයේදී වෙඩි තබා ඝාතනය කර තිබෙන බව වාර්තා වේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කොටහේන ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරීරය මේ වනවිට කොළඹ ජාතික රෝහලේ තැන්පත් කර ඇත.

වෙඩි තැබීමට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර පලාගොස් ඇති සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්