
කල්තොට කූරගල රජමහා විහාර භූමියේ තිබෙන ගොඩනැගිල්ලකින් බිමට ඇද වැටී පුද්ගලයෙකු මියගොස් ඇත
ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලකින්’ අඩි 20ක පමණ ඉහළ සිට අදාළ පුද්ගලයා බිමට ඇද වැටී තිබෙන බව පොලීසිය සඳහන් කරයි.
එලෙස මියගොස් ඇත්තේ 27 හැවිරිදි බුලත්සිංහල ප්රදේශයේ පදිංචිව සිටි තරුණයෙකි. කල්තොට පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර මේ වන විට’ මෘතශරීරය බලංගොඩ රෝහලේ තැන්පත් කර ඇත.