කිරිබත්ගොඩ, මාකොළ මාර්ගයේ පිහිටි තෙමහල් සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ගින්න හේතුවෙන් සාප්පු සංකීරණය තුළ සිර වී සිටි කුඩා ළමුන් ඇතුළු 12දෙනෙක් පොලීසිය හා ප්‍රදේශවාසීන් සමඟ නිරුපද්‍රිතව බේරා ගැනීමට සමත් වූ බවයි පොලිස් මූලස්ථානය සඳහන් කර සිටියේ.

එම ස්ථානයේ තිබු දුමාරය හේතුවෙන් ස්වසන අපහසුතා ඇතිව සිටි පුද්ගලයින් 5දෙනෙක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබේ.

කොළඹ හා ගම්පහ මහනගර සභා ගිනි නිවීමේ රථ මඟින් ගින්න මේ වන විට පාලනය කර ඇතැයි ද පොලිස් මුලස්ථානය සඳහන් කර සිටියි.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මෙන්න බලන්න තවත් පුවත්