කොරෝනා රෝගයට දේශීය ඖෂධීය පානයක් නිෂ්පාදනයක් කරමින් රටපුරා ජනප්‍රියත්වයට පත්වූ කෑගල්ලේ උඩුමාගම ධම්මික බංඩාර ගේ බාල සහෝදරයා කෝවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇති බව වාර්තා වනවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කෑගල්ල හෙට්ටිමුල්ල මාකූර ගනේගොඩතැන්නේ පදිංචිව සිටි අප්පුකුට්ටි කංකානමලාගේ හීන් බංඩා නැමැති 58 හැවිරිදි තිදරු පියකු බවයි කෑගල්ල පොලිසිය සඳහන් කර සිටින්නේ.

පිළිකාවකට රෝගයට ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 12 වැනිදා රාත්‍රි නිවසේ දී ඔහු ජීවිතක්ෂයට පත්ව ඇති අතර පසුව කෑගල්ල මහ රෝහලේ දී දේහය සම්බන්ධයෙන් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් කොරෝනා රෝගය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.

ඔහුගේ අවසන් කටයුතු කොරෝනා සෞඛ්‍ය නීතිරීති අනුව කෑගල්ල ආදාහනාගාරයේදී සිදුකර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්