
ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක් ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොලී අනුපාතිකය ඉහළ දමා ඇති බව වාර්තා වේ.
ඒ අනුව ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන වාර්ෂික පොළී අනුපාතිකය 36% දක්වා ඉහළ දමා ඇති බව බැංකු නිලධාරීන් කියා සිටී.
ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා ලබාදෙන පොලී අනුපාත මත පනවා තිබූ සීමාවන් ඉවත් කිරීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය අප්‍රේල් 08 වැනිදා තීරණය කොට තිබුණි.
ඉන්පසුව පැවති පොලී අනුපාත 18% සිට 24% දක්වාත්, පසුව 30% දක්වාත්, දැන් නැවත වරක් 36% දක්වාත් වැඩි කර ඇත.