කඳුළු ගෑස් උණ්ඩ 5 ක් සමග තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඇතුල්කෝට්ට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, පොලිසිය විසින් කියා සිටින්නේ, පසුගිය 13 වනදා පාර්ලිමේන්තුව ආසන්නයේ පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් විසින් පැහැරගත් කඳුලු ගෑස් උණ්ඩ 5 ක් ඔහු සන්තකව තිබී ඇති බවයි.

පොලිසින් විසින්  විරෝධතාකරුවන් හට එල්ල කිරීම සඳහා ත්‍රි රෝද රථයකින් කඳුළු ගෑස් ප්‍රවාහනය කරමින් සිටියදි,  විරෝධතා කරුවන් පිරිසක් එක්ව එම කඳුළු ගෑස් පැහැරගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් දකුණු අපරාධ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් සිදුකළ විමර්ශනයකදී අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත් වූ සැකකරු අද අලූත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැලිකඩ පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කරනු ලබයි.

 

https://www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්