පසුගිය බදාදා (13) පාර්ලිමේන්තුව අසල පැවති විරෝධතාවයේදී ආරක්ෂක අංශවලට පහර දී සොරාගත් කඳුළු ගෑස් සහ උණ්ඩ 50ක් සමඟ 31 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, විරෝධතාකරුවන් පිරිසක් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුට පහර දී කඳුළු ගෑස් සහ උණ්ඩ සොරකම් කර ඇති බවයි.

ඒ අනුව, ඔබේසේකරපුර ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව බොරැල්ලේ පිහිටි ඔහුගේ නිවසේ තිබී කඳුළු ගෑස් උණ්ඩ 50ක් සොයා ගෙන ඇත.

සැකකරු වෘත්තියෙන් පෙදරේරුවෙකු වන අතර පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්