Kandakadu Treatment and Rehabilitation Centre
 

කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය තවත් 200කට අධික පිරිසක් සොයා මේ වන විට මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.

පුනුරුත්ථාපන කටයුතු පිලිබඳ කොමසාරිස් ජනරාල්වරයා පවසන්නේ එසේ පැනගිය රැඳවියන් අතරින් 232ක් මේ වනවිට අත්අඩංගුවට ගෙන තිබෙන බවය.

රැඳවියෙකු මියයාමේ සිද්ධියක් හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඊයේ (28 ) රාත්‍රියේ සිට උණුසුම්කාරී වාතාවරණයක් හටගෙන තිබුණි.

අනතුරුව එහි රැඳවියන් 600 දෙනෙකු පමණ අද (29) උදෑසන පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ප්‍රධාන ගේට්ටු දෙක කඩාබිඳ දමා පළාගොස් තිබුණි.

මේ අතර කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානය තුළදී එහි රැඳවියෙකු මියයාම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන බව පුනුරුත්ථාපන කටයුතු පිළිබඳ කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.

මේජර් ජනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ එම මරණය සම්බන්ධයෙන් කිසිවෙකු වැරදිකරුවෙකු බව තහවුරු වුවහොත් ඔහුට නිසි දඬුවම ලබාදෙන බවය.

මෙන්න බලන්න තවත් පුවත්