කථානායක මහින්ද යාපා අබේවර්ධන හට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙනවා. පෙරේදා (26) දින සිදු කරන කොරෝනා පරීක්ෂණයකින් අනතුරුවයි, කතානායකවරයාට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ.

කතානායකවරයා මේ වන විට කොළඹ IDH රෝහලට ඇතුලත් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම කතානායක නිල නිවසේ සේවකයින් තිදෙනකුට ද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙන අතර පසුව කථානායකවරයා PCR පරීක්ෂණයකට ලක් කර තිබෙනවා.

වෛරසය ආසාදනය වූ කථානායක නිල නිවසේ සේවකයින් ගේ සමීපතමියින් ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට ලක් කර තිබෙනවා.

කෙසේවෙතත්, කතානායක මහින්ද යාපා අබේවර්ධන හට වෛරසය ආසාදනය වුව ද බරපතළ තත්ත්වයක් නොමැති බවත්, මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණය ද විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන ඇති බවත් වාර්තා වනවා.

කතානායකවරයා පූර්ණ එන්නත්කරණයට ලක් වූවෙක්.

මේ අතර පසුගිය දින කිහිපය පුරා කතානායකවරයා ස සමීපව ඇසුරු කළ අය සොයා මේ වනවිට විමර්ශන ක්‍රියාත්මකයි.

මෙන්න බලන්න තවත් පුවත්