Monkeypox වෛරසය ආසාදනය වුණු රෝගීන් 44 දෙනෙක් ඕස්ට්‍රේලියාවෙන් වාර්තා වී තිබේ.

නිව් සවුත් වේල්ස් හි 24 ක්, වික්ටෝරියා හි 16 ක්, ඕස්ට්‍රේලියානු අගනුවර ප්‍රදේශයේ 2 ක්, ක්වීන්ස්ලන්තයේ 1 ක් සහ දකුණු ඕස්ට්‍රේලියාවේ 1 ක් ලෙස රෝගීන් වාර්තා වී තිබෙන බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

විදෙස්ගතව සිටි පුද්ගලයින් සංචාර නිමවා ආපසු ඕස්ට්‍රේලියාවට පැමිණීමෙන් පසු මෙම රෝගය ව්‍යප්ත වී ඇති බව එරට සෞඛ්‍ය අංශ වැඩිදුරටත් සදහන් කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් Tedros Adhanom Ghebreyesus රටවල් 78 කින් Monkeypox රෝගීන් 18,000 කට වැඩි ප්‍රමාණයක් මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයට වාර්තා වී ඇති බව සඳහන් කොට තිබේ.

රෝගීන්ගෙන් සියයට 70ක් පමණ යුරෝපයෙනුත්, සියයට 25ක් පමණ ඇමරිකාවෙනුත් වාර්තා වී තිබෙන බව වැඩිදුරටත් සදහන් වේ.

newsmania.lk 

මෙන්න බලන්න තවත් පුවත්