
මේ වන විට ඕස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර විස්සයි20 තරගය නැරඹීමට එක්වුනු ශ්‍රී ලංකා ක්‍රිකට් හි ඉහළ නිලධාරීන්ට කුඩම්මාගේ සැලකිලි ලැබී ඇතැයි වාර්තා වනවා.
සාමාන්‍යයෙන් විදෙස් රටක ක්‍රිකට් පාලක මණ්ඩල නිලධාරීන් හට විශේෂ අමුත්තන් ලෙස සැලකීම සාමාන්‍ය සම්ප්රාදාය වන අතර, අද තරගය නැරඹීමට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ශම්මි ප්‍රනාන්දු, ලේකම් ඈෂ්ලි සිල්වා ඇතුළු ඉහළ නිලධාරීන් හට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් ලබාදී තිබුණේ සාමාන්‍ය ප්රේක්ෂකාගාර අසුන්.
මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් ලබා ගැනීම සඳහා ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් කිසිවෙකු කටයුතු කර තිබුනේ නැහැ.