මාර්ගගත අධ්‍යාපනයට ලබාදුන් ජංගම දුරකථනය තවත් දරුවෙකුට දිවි අහිමි කළ ඛේදනීය පුවතක් අනුරාධපුර නගරයෙන් වාර්තා වනවා. මියගිය දරුවාගේ පවුලේ ඥාතීන් පවසන්නේ දුරකථන ක්‍රීඩාවල නියැලීමට පුරුදුව සිටි අදාළ දරුවාට මව දුරකථනය ලබානොදීම හේතුවෙන් දිවි හානි කරගෙන ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ දරුවාගේ පුංචි අම්මා මෙලෙස අදහස් දක්වා සිටියා.

“අම්මා උදේ වැඩ‍ට ගිහිල්ලා අම්මා පැය තුනකට විතර පස්සේ ඇවිල්ලා තියෙනවා මෙයා ෆෝන් එක ආන්ස්වර් කරන්නේ නැති හින්දා අම්මා දොර ඇරගෙන ඇතුළට එනකොට පුතා මෙතන එල්ලිලා ඉඳලා තියෙන්නේ හේතුව අම්මගෙන් උදේ ෆෝන් එක ඉල්ලලා ෆෝන් එක දීලා යන්න කියලා අම්මා ෆෝන් එක දීලා නැහැ. ඒ ගේම් එකට ඇබ්බැහිවෙලා ගේම් එකේ තියෙන විදිහට තමයි ලණු අඹරලා අවුරුදු 12ක ළමයෙක්ට දකින්නේ නැතුව ඒ වගේ දෙයක් කරන්න බැහැ. ඉතින් ඒ ගේම් එකේ දැක්ක දේ තමයි කරලා තියෙන්නේ. කියන්න තියෙන එකම දේ මේක කොහොම හරි තහනම් කරන්න ජනාධිපතිතුමනි. අපිට අපේ ළමයා නැති වුණා. ලංකාවේ කිසිම ළමයෙක් ට මේදේ වෙන්න දෙන්න එපා. ළමයින් බේරගන්න. ඔන්ලයින් අධ්‍යාපනයට ඇවිත් අවසානයට වුණේ මේක. කිසිම අම්මෙක්ට තාත්තෙක්ට මේ දුක දැනෙන්න දෙන්න එපා.”

සිය මව ජංගම දුරතකථය ලබානොදීම නිසා මෙලස දිවි හානිකරගෙන තිබුණේ අනුරාධපුරයේ පදිංචිව සිටි අනුහස් මධුෂාන් සෙනෙවිරත්නයි. අනුහස් අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයේ 7වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ 12 හැවිදිරි සිසුවෙකි.

මාර්ගගත අධ්‍යාපනයට මව්පියන් ලබාදුන් ජංගම දුරකථනයෙන් ජංගම දුරකථන ක්‍රීඩාවල නිතර නියැලීමට අනුහස් පුරුදුව සිටි බව ඥාතීන් පවසන්නේ.

කොවිඩ් වසංගතය හේතුවෙන් මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමත් සමග දරුවන්ට ජංගම දුරකථන ලබාදීමට මව්පියන් පියවර ගැණුනා. ඒ හේතුවෙන් පසුගිය කාල සීමාවේදී මෙවැනි අවාසනාවන්න සිදුවීම් කිහිපයක්ම වාර්තා වුණා.

මෙන්න බලන්න තවත් පුවත්