ඔක්ටේන් 95 පෙට්‍රල් යතුරුපැදි සහ ත්‍රිරෝද රථවලට දෙන්නේ නැහැ – සිපෙට්කෝ

ත්‍රිරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 95 පෙට්‍රල් නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබෙනවා.

ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන් සහ යතුරුපැදිකරුවන් විසින් ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලබාගෙන පසුව ඒවා වැඩි මිලට අලෙවි කිරීමක නිරත වන බවට සංස්ථාවට තොරතුරු ලැබීමත් සමඟ මෙම තීරණය ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා විසින් අද (28) උදෑසන වන විට මෙරට පවතින ඉන්ධන තොග ප්‍රමාණය පිළිබඳව නිකුත් කළ වාර්තාවේ ද දැක්වුණේ 95 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 6142ක ප්‍රමාණයක් පමණක් මෙරට තොග වශයෙන් පවතින බවයි.

https://www.newsmania.lk/

මෙන්න බලන්න තවත් පුවත්