මීට දශක ගණනාවකට කලින් ශ්‍රී ලංකාව තුළ ඒ තරම් හොඳ වාතාවරණයක් තිබුණෙ නැහැ.උතුරු නැගෙනහිර ප්‍රදේශවල නිතරම ඇතිවුණු ඒ අර්බුදකාරී තත්ත්වය නිසා නිදහසේ එළියට බැහැලා කාටවත් ගමන් කරන්න පුලුවන් පරිසරයක් ගොඩ නැගිලා තිබුණෙ නැහැ. ඉතින් එවන් කාල සීමාවක නිදහසේ ජීවත් වෙන්න පුළුවන් වටපිටාවක් හදන්න දිවා රෑ නොතකා අපේ වීරෝදාර රණවිරුවන් අපි වෙනුවෙන් ඇප කැප වුණා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් අපිට  එක ධජයක් යටතේ නිදහසේ කාලය ගත කරන්න අවස්ථාව උදා වුණා.ඒ සියලුම කැපකිරීම් යට හිටියේ ආදරණීය රණවිරුවන්.මේ සිදුවීම නිසා දිවිපිදූ රණවිරුවන් වගේම ආබාධිත තත්ත්වයෙන් පසුවන රණවිරුවනුත් අද වෙද්දි ලංකාව තුළ ඉන්නවා.

රණවිරුවන් ඒ ආකාරයෙන් ඔවුන්ගේ හෙට දවස අපි වෙනුවෙන් කැප කළේ නැතිනම් මේ වගේ සුන්දරව ජීවත් වෙන්න අපි කාටවත් අවස්ථාව උදා වෙන්නේ නැහැ. අපි අද ඔබට කියන්න යන්නේ ඒ ආකාරයේ අනේකවිධ කැපකිරීම් කරලා මේ වෙද්දි ආබාධිත තත්ත්වයේ පසූවෙන රණවිරුවන් අතරින් මෑත කාලයේ බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වුණු රණවිරු සමීර ප්‍රියන්තගේ සංවේදී කතාවයි.

රණවිරු සමීර හමුදා සේවයත් එක්ක අත්වැල් බැඳගන්නේ 2008 වර්ෂයේ. ඔහු පුහුණුවීම් කටයුතු ඉවරවෙලා පුදුමාතලන් ප්‍රදේශයට තමයි රාජකාරි කටයුතු කරන්න තේරෙන්නෙ. දෙදහස් වර්ෂයේ මැයි මස 13 වැනිදා රෑ 11 යි 30 ට වගේ සතුරන් අටවපු උගුලකට රණවිරු සමීර අහුවෙනවා.

ඉතින් ඒ අවාසනාවන්ත සිදුවීමත් එක්ක දැඩි ලෙස තුවාල ලබන ඔහුට එක් පාදයක් සම්පූර්ණයෙන්ම අහිමි වෙනවා.ජීවිතය කියන්නේ හැමදාම අපිට පාඩම් කියාදෙන තැනක්.මුලදී මේ ජීවිතයට හුරු වෙන්න බැරි උනත් පස්සේ පස්සේ ආබාධිත පුද්ගලයෙක් විදිහට ජීවිතය පටන් ගන්න රණවිරු සමීර තීරණය කරනවා.නමුත් ඒ අඳුරු සිදුවීම පිළිබඳව අදටත් ඔහු මතකය ආවර්ජනය කරන්නේ මේ විදිහටයි.

එදා සතුරකුගේ උගුලකට මාව අහුවුනා.ඒ අනතුරෙන් මගේ අතේ ඇඟිලි,අස්ථි,බඩ කොන්ද සහ කකුල කියන මේ හැම තැනටම දරුණු විදිහට තුවාල සිද්ධ වුණා.ඒත් හිතේ හයියට මට සිහිය නැති වුණේ නම් නැහැ. ඒ විදිහට තුවාල වෙලා මං අවුරුදු හතරක් විතර සෑහෙන්න ම දුක් වින්දා.

හොස්පිට්ල් එකේ දී මට නැගිට ගන්නවත් බැහැ.හැමතැනම බෙහෙත් දාලා කිසිම කෙනෙක් මව අල්ලන්නෙවත් නෑ. ඒ විදිහට මම නාන් නැතුව මාස 5 ක් විතර හිටියා.මාව ඇල්ලුවොත් ඇඟෙන් කෑලි ගැලවෙනවා. අල්ලන්නත් බයයි ඒ තරම්ම තුවාල වුණා. මිස් නවරත්න කියන කෙනෙක් ජාතික රෝහලේදී මාව නැවුවා. මාස ගානකට පස්සේ එදා තමයි මම නෑවේ.

ඒ මිස් හරිම කරුණාවන්තයි මං ගැන හොඳට බැලුවා මට කෑම බීම පවා ගෙනත් දුන්නා. ඒ නිසා මං ගොඩක් ස්තුතිවන්ත වෙනවා ඒ කරපු උදව්වට. ඊට පස්සේ පුනරුත්ථාපන රාජකාරි අවසන් කරලා තමයි අපි අද මේ විදියට ඉන්නේ.මාව දැක්කහම මගේ අම්මට අදටත් ඇඬෙනවා.

මේ විදිහට තමයි රණවිරු සමීර ඒ අඳුරු අතීතය පිළිබඳව පිළිබඳව තමන්ගේ මතකය ආවර්ජනය කළේ.කෙසේ නමුත් දැන් සනීර කොයි කවුරුත් ආදරය කරන ඔහු දක්ෂ නර්තන ශිල්පියෙක් වෙලා.ඔහුටම කියලා යූ ටියුබ් නාලිකාවක් ආරම්භ කරලා ඒ හරහා විවිධ ගීත නිර්මාණයන් වලට ඔහු නර්තනය දක්වන වීඩියෝ පට මුදා හරිනවා. ඉතිං ඒ සියලුම දේවල් වලට රසිකයන්ගේ නොමද ආදරය රණවිරු සමීරට ලැබෙනවා.

ඉතින් මේ ආදරණීය චරිතයට තවත් චිරාත් කාලයක් නීරෝගීව ජීවත් වෙන්නට වරම් ලැබේවා කියා ශ්‍රී ලාංකිකයන් වන අපි හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්