ඩුබායි හි සැඟව සිටි එනනෝල් ජාවාරම සම්බන්ධ ව්‍යාපාරිකයකු මෙරටට පැමිණි පසු රාජ්‍ය ඇමැතිවරයකුගේ සහ මන්ත්‍රිවරයකුගේ මැදිහත් වීමෙන් ප්‍රභූ පර්යන්තය හරහා හොර රහසේ රැගෙන ඒම ඇතුලු කරුණු කිහිපයක් මුල්කරගෙන විමර්ශනයක් ආරම්භ කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් (විශ්‍රාමික) ජී.ඒ චන්ද්‍රසිරි මහතා පවසනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීම මත මෙම විමර්ශනයක් ආරම්භ කර ඇති බවද සභාපතිවරයා කියා සිටියේ.

එම පරීක්ෂණයෙන් පසු අදාල වාර්තා ඉදිරි දින වල ජනාධිපතිවරයා වෙත ලබා දෙන බවද සභාපතිවරයා වැඩිදුරටත් පැවසුවා.

මේ අතර කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ් ප්‍රභූ පර්යන්තයෙන් මින් ඉදිරිය ප්‍රභූන් සමග ගමන් ගන්නා සාමන්‍ය පුද්ගලයන්ට ගමන් කිරීම තහනම් කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මින් ඉදිරියට විශේෂ වරප්‍රසාද ලද ප්‍රභූ පුද්ගලයන්ට පමණක් මෙම පර්යන්තයේ ගමන් කිරීමට අවසර ඇති බවත් ඔවුන් සමග ගමන් ගන්නා හිත මිතුරන් ඇතුළු සාමාන්‍ය පුද්ගලයන්ට එම පරීශ්‍රය හරහා ගමන් කිරීම තහනම් කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේ.

ගුවන් යානා නතර කරන ස්ථානයට ගොස් කිසියම් අමුත්තෙක් පිළිගන්නේ නම් ඒ සදහා ගුවන් තොටුපොළ සභාපතිවරයාගෙන්, උප සභාපතිවරයාගෙන්, හෝ කළමනාකාරවරයාගෙන් අවසර ලබාගත යුතු බවත් ඔහු සඳහන් කළේ.

(ලංකාදීප)

මෙන්න බලන්න තවත් පුවත්