ඊයේ දිනය තුළදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 343 දෙනෙකු හඳුනාගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

ඒ අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ යාපනය දිස්ත්‍රික්කයෙන් වන අතර එහිදී ආසාදිතයින් 128 දෙනෙකු හඳුනාගෙන ඇත. මිට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් 68 දෙනෙක් සහ ගම්පහ දිස්ත්‍රික්කයෙන් 39 දෙනෙක් වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

මේ අතර ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් 34 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි පුද්ගලයන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කලේ.

ඒ අනුව මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 89,341ක් දක්වා ඉහළ යන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 94,336 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා මරණ 2ක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 593ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියේ.

මෙන්න බලන්න තවත් පුවත්