මේ වන විට රට තුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් ගණනාවක් වැසී ගොස් ඇති බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සදහන් කරයි.

 

මෙතෙක් කල් කිසිදු වර්ජනයකට සහභාගී නොවූ ළමා රෝහල ද වර්ජනයක් සඳහා සූදානමක පවතින බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

ඔහු මේ බව පැවසුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

එමෙන්ම ඉන්ධන ලබාගැනීම සඳහා ගොඩකවෙල ඉන්ධන පිරවුම්හලට ගිය අවස්ථාවේ දී දෙහිඅත්තකණ්ඩියේ වෛද්‍යවරයෙකුට පහරදීමක් සිදුවී තිබෙන බවත් ඒ වෛද්‍යවරයාගේ හිසට තුවාල සිදුවී තිබෙන බවත් ඔහු මේ වෙනවිට ප්‍රතිකාර ලබමින් සිටින බවත් ඔහු කියා සිටී.

ඒ අනුව මේ මොහොත වෙනවිටත් දෙහිඅත්තකණ්ඩිය රෝහල ඇතුළු රෝහල්වල වැඩවර්ජන ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙයි.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්