petrol shed sri lanka
 

ඉන්ධන පාරිභෝගිකයන් ලියාපදිංචියට පියවර

ඉදිරියේදී ප්‍රවාහන මෙන්ම කර්මාන්ත ක්ෂේත්‍රයට ප්‍රමුඛතාවය ලැබෙන පරිදි ඉන්ධන ලබාදීමට සලාක ක්‍රමයක් හඳුන්වා දීමට අවධානය යොමු කර ඇති බව පැවසේ. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මේ බව ප්‍රකාශ කර තිබේ.

විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ සෑම ඉන්ධන පාරිභෝගිකයෙකුටම තම ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලේ ලියාපදිංචි වන ලෙස දැනුම් දීමට පියවර ගෙන ඇති බවය.

මේ අතර ලංගම ඩිපෝ හරහා පෞද්ගලික බස් රථ සඳහා ඩීසල් නිකුත් කිරීමේ වැඩපිළිවෙළ විධිමත්ව කරගෙන යෑමට’ ඉන්ධන නිකුත් කරන සෑම ඩිපෝවක් සඳහා ම පෞද්ගලික බස් සංගම් නි‍යෝජිතයෙකු පත් කරන ලෙස ද අදාළ සංගම්වලට දැනුම් දී තිබෙන බවද අමාත්‍යවරයා වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්