ඉන්ධන මිල සූත්‍රය සෑම සති දෙකකට වරක් හෝ මාසිකව ක්‍රියාත්මක කිරීමට අවධානය

ලෝක වෙළෙඳපොළේ පවතින තෙල් මිල සහ අනෙකුත් සාධක සලකා බලා ඉන්ධන මිල සූත්‍රයට අනුව මිල ඉහළ දැමීම සිදුකර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ඒ අනුව සෑම දෙසතියකට වරක් හෝ මාසිකව ඉන්ධන මිල සංශෝධනය කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

ඉන්ධන ආනයනික වියදම්, ගොඩබෑමේ වියදම්, බෙදාහැරීමේ වියදම් සහ බදු මුදල් මිල එම සංශෝධනයට ඇතුළත් කර ඇති අතර මිල සංශෝධනය සඳහා ලාභාංශ ඇතුළත් කර නොමැති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්