
ඉදිරි දින කිහිපයේදී මෙරටට පැමිණීමට නියමිත ඉන්ධන නෞකාවන් සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ටිවිටර් පණීවිඩයක් නිකුත් කර තිබේ.
ලංකා IOC සමාගම වෙත ඉකුත් සිකුරාදා දිනයේදී ඩීසල් සහ පෙට්ට්‍රල් නෞකාවන් වෙනුවෙන් සම්පුර්ණ මුදල් පියවූ බවත් එම ඩීසල් නෞකාව මෙම මස 15-17 අතර මෙරටට ලඟා වීමට නියමිත බව ඔහු සිය පණිවඩයේ සදහන් කරයි.
ඒ අනුව පෙට්ට්‍රල් නෞකාව මෙම මස 22-24 යන දිනයන් හිදී ලඟා වීමට නියමිත බවත්
ඉකුත් සතියේදී අත්තිකාරම් මුදල් ගෙවනු ලැබූ ඩීසල් නෞකාව මෙම මස 15-17 පැමිණෙන බවත්, ඒ වෙනුවෙන් වන ඉතිරි මුදල් අද දිනයේදී ගෙවීමට නියමිත බව ඔහු කියා සිටි.
එමෙන්ම මෙම මස 15-17 දී තවත් ඩීසල් නෞකාව, 14-16 සහ 15-17 යන දිනවලදී බොර තෙල් රැගත් නෞකාවන් දෙකක් මෙරටට ලඟා වීමට නියමිතව අතර මේ මස 09 වෙනිදා මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඉන්ධන නෞකාවට පැවති අයහපත් කාලගුණ තත්ත්වය නිසා ඉන්ධන පැටවීමට නොහැකි වීම හේතුවෙන් එය අද දිනයේදී ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් පවසයි.