Ceylon Petroleum Corporation
 

කුරුණෑගල නගරයේදී ඉන්ධන බවුසරයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුව තිබෙන අතර අනතුරට ලක්ව ඇත්තේ ඉන්ධන රැගෙන කොළඹ සිට කින්නියා බලා ගමන්කරමින් තිබූ බවුසරයකි.

එම බවුසරය තුළ පෙට්‍රල් ලීටර් 13,200ක ප්‍රමාණයක් තිබී ඇති අතර ඉන්ධන විශාල ප්‍රමාණයක් අපතේ ගොස් තිබෙන බවට අප වාර්තා කරුවන් සඳහන් කර තිබේ.

එබැවින් සිදුවිය හැකි ගිනි ගැනීම් මගහරවා ගනු පිණිස කුරුණෑගල ගිනි නිවීම් ඒකකය විසින් බවුසරය වෙත ජලය ඉසිමින් නැවත මාර්ගයට ගනු ලබා ඇත.

පවතින වැසි සහිත තත්ත්වයත් සමඟ මාර්ගය ලිස්සා යාමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවට සැක කෙරෙන අතර නතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

මේ සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ කුරුණෑගල පොලීසිය විසින් ආරම්භ කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්