පානදුර වෑකඩ ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක පෝලීමේ රැඳී සිටි පුද්ගලයෙකු හදිසි රෝගාබාධයක් හේතුවෙන් මරණයට පත්ව තිබේ.

එම පුදගලයා තම පුත්‍රයා හා ත්‍රීරෝද රථයට ඉන්ධන ලබා ගැනීම සඳහා රැඳී සිටියදී අද (16) අලුයම් කාලයේ දී රෝගී තත්වයට පත්ව ඇත. අනතුරුව පානදුර රෝහලට යොමුකර ඇති අතර එහිදි ඔහු මියගොස් තිබේ.

මෙලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිරණ ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මේ අතර පූගොඩ ප්‍රදේශයේ තවත් පුද්ගලයකු ගෑස් සිලින්ඩරයක් විල්බැරෝවකින් රැගෙන යමින් සිටියදී ඇතිවූ හදිස්සි රෝගී තත්ත්වයකින් මියගොස් ඇත. 64 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් තිබෙන බව පොලීසිය සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්